පුවත්

බස් ගාස්තු ඉහළ යයි ද?

Published

on

නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය දා (31) ඉන්ධන මිලෙහි සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඩීසල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරා නම් බස් ගාස්තුවේ වාසිය ජනතාවට ලබා දෙන්න තිබුණා. නමුත් දැන් අඩු කරලා තියෙන්නේ පෙට්‍රල්. වගකීමෙන් මම කියන්නේ ජූනි මුල වෙනකොට වාර්ෂික බස් ගාස්තුව එනවා. එම නිසා අඩුවීම කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා.”

Trending

Exit mobile version