පුවත්

බ්‍රිතාන්‍යයේ රහස් බුද්ධි සේවයේ මුල් පුටුවට කතක්!

Published

on

ඉති­හා­සයේ පළ­මු­ව­රට බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධා­නියා ලෙස කාන්තා­වක් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

MI6 නමින් හඳු­න්වනු ලබන වසර 116ක දීර්ඝ ඉති­හා­ස­යක් හිමි එරට රහස් බුද්ධි සේවයේ නව ප්‍රධා­නියා ලෙස පත්කර ඇත්තේ බ්ලේස් මෙට්‍රි­වෙලි නමැති 47 හැවි­රිදි බුද්ධි නිල­ධා­රි­නි­යකි. 

වසර 1999 දී බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේව­යට එක්වූ ඇය වර්ත­මා­නයේ තාක්ෂණ හා නවෝ­ත්පා­දන සම්බ­න්ධව කට­යුතු කර­මින් සිටින බවත්, වත්මන් ප්‍රධා­නියා වන ශ්‍රීමත් රිචඩ් මුවර් මේ වසර අග­භා­ග­යේදී ධුර­යෙන් සමු­ගැ­නී­මෙන් පසු එම තන­තු­රට ඇය පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ කාර්ය­භා­රය ඉති­හා­සයේ පෙර නොවූ විරූ තරම් වැද­ගත් වූ අව­ස්ථා­වක ඇගේ පත්වීම ඓති­හා­සික බව අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. 

බ්‍රිතා­න්‍යයේ ජාතික ආර­ක්ෂා­වට සහ එරට ආර්ථික පැවැ­ත්මට සහාය වීම සඳහා විදේශ රට­ව­ලින් බුද්ධි තොර­තුරු එක්රැස් කිරීම බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධාන කාර්ය­භා­රය බව ද වාර්තා වේ.

Trending

Exit mobile version