රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසා සිටියේ එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවය.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කලේය.