බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ.
මේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් අනුවය.
බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000 ක් ත්‍යාග වශයෙන් ලබා දීමට කටයුතු කරන බව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා විසින් පවසන ලදී.
එමෙන්ම, එළඹෙන අලුත් අවුරුද්ද දිනවලදී බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් මේ වනවිට සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බවය.