පසුගිය දිනවල වාර්තා වූ ඖෂධ හේතුවෙන් සිදු වූ බවට පැවසෙන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ එම කමිටුව සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත බවය.