පුවත්

භාෂාව බැරිවුණ නිසා සෞදි ගිය කතකට අල්පෙනෙති ගහලා

Published

on

සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය  මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.

එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇයට දන්වා ඇත.

තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ඇයට පහරදී අල්ලට,කලවා ප්‍රදේශවලට  මෙන්ම ශරීරයේ  කීහිප තැනකමට කටු ගසා ඇත. 

භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත. 

Trending

Exit mobile version