පුවත්

මට කවුරුත් අභියෝගයක් නෙවෙයි

Published

on

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙකු තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලන සාක්ෂරතාවක් තිබෙන ඕනෑම අයෙකුට වර්තමානයේ සිදුවන ඔළුගෙඩි මාරුව ගැන අදහසක් ඇති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ පක්ෂ අතර මාරු වූවත් ඉන් ජනාධිපතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට බලපෑමක් කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කලේය.

වත්මන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරීපත්වීමේ හැකියාව පවතින්නේ 25 දෙනෙකුටත් අඩු ප්‍රමාණයකට බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version