හෙට (13) දවසේ යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12 ) සහ හෙට (13 ) යන දෙදින මත්පැන්හල් වසා තැබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ, විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවය.
සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා මෙය අදාළ නොවේ.
එමෙන්ම අප්‍රේල් 23 දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තැබීමට පියවර ගෙන ඇත.
මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ සියලුම පැමිණිලි, 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබාදෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.