පුවත්

මත්පැන් බලපත්‍ර පෙත්සමට රනිල් වගඋත්තරකරුවෙක් කරයි

Published

on

ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වග උත්තරකරුවන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනෙකු නම්කර තිබේ.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන අරමුණෙන් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවන් චෝදනා කරයි.

Trending

Exit mobile version