Connect with us

පුවත්

මන්ත්‍රි නලින් බණ්ඩාරගේ වාහනේ හැප්පුන තරුණයා ජිවිතක්ෂයට

Published

on

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ තිහාරිය, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයෙකි.

මෙම තරුණයා යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බව පැවසේ.

අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ මෙම තරුණයාගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබුණි.

ඒ අනතුරට පෙර සිටම ශානුක රවිඳුගේ කැමැත්ත මතයි.

ශානුක රවිඳු අනතුරට ලක්වුයේ පසුගිය 03දා අලුයම් කාලයේ දී යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී තරුණයා ගමන්කරමින් සිටි යතුරුපැදියේ දී ගැටී තිබුණි..

ඒ අනුව අනතුරින් තුවාල ලැබු තරුණයා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.

අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශානුක රවිඳු රෝහල් ගතව සිටිය දීම ඔහුට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝගකරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත අදාළ රියදුරු මුදා හළ බව නිට්ටඹුව පොලිසිය සඳහන් කලේය.

සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/සජබේ-නලින්-අනතුරක-පැදිකර/

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved