පුවත්

මන්ත්‍රීවරු 35ක් දැන්මම මාදිවෙලින් නිවාස ඉල්ලලා

Published

on

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල  නිවාස ලබාදීම ලබන 3 වැනිදා ආරම්භ කරන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්  නිවාස ලබාගත හැකිය.

මාදිවෙල නිවාස නිකුත් කිරීමට මන්ත්‍රීවරුන්ගෙන්  අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මන්ත්‍රීන්ට ලබාදීමට ඒවා මේ දිනවල ලහිලහියේ පිළිසකර කරගෙන යන බව වාර්තාවේ. 

මේ කටයුතු කඩිනමින් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ  සියලුම  නිලධාරීන්  සීරුවෙන් තබා ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් එකසිය දහයකට පමණ  නිවාස පහසුකම් සැපයිය හැකිවේ.

මූලාශ්‍රය – ලංකාදීප

සබැඳි පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හොඳට තෙල් වැඩකරන වාහනයක් දෙන්න යයි

Trending

Exit mobile version