පුවත්

මනූෂ වෙනුවට බන්දුල ලාල්

Published

on

මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසිනි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇත.

පක්ෂයේ තීරණවලට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගැනීම හේතුවෙන් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.

ඊට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහි දී අධිකරණය එය නීත්‍යානුකූල බවට නියෝග කරන ලදී.

ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමි විය.

Trending

Exit mobile version