පුවත්

මහනුවර ඇසළ පෙරහැරට දින නියම කෙරේ

Published

on

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර ඇත්තේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25දා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි. 

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළේය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30දා වීදී සංචාරය කෙරෙයි.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04දා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08දා) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

Trending

Exit mobile version