මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීමට හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.
මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක මුදලක් රජය වෙන්කර ඇති අතර එම මුදලින් ගොවින්ගේ කැමැත්ත මත රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇත.
බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුල් පොහොර වන මඩ පොහොර පෞද්ගලික අංශය මඟින් සැපයීමට නියමිතය.
එමෙන්ම මෙවර යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබාදෙන අතර එම මිල ගණන් වලට පෞද්ගලික අංශය ද එය ලබා දීමට එකඟත්වය පළ කර ඇත.
(මුලාශ්‍රය – ලංකාදීප)