ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
”මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ අපේ රටෙන් ගෘහසේවයට කාන්තාවෝ යන්නේ නැහැ. ගෘහසේවය කියන කාරණාවට එහා ගිහින් ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන පුහුණුව වැඩිකරලා NVQ සහතිකයක් දෙනවා.
එතනින් එහාට ස්කිල් පාස්පෝස්ට් එකක් සහිත පුද්ගලයෙක් තමයි මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ යන්නේ කිසිම ආකාරයකින් අඩු දැනුම පුහුණුව තියෙන කාන්තාවන් විදේශගත කරන්න ඉඩ දෙන්නේ නැහැ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(මූලාශ්‍රය නිවුස් ෆස්ට්)