පුවත්

මාලිමාවෙන් CIDයට පැමිණිල්ලක්

Published

on

ජාතික ජනබලවේගයේ නීතීඥවරු පිරිසක් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුළු අසනීපයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා අසනීපයක් තත්වයක් මත ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීමට එරෙහිව රෝහලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් එම පක්ෂයේ නීති උපදේශක නීතීඥ සුනිල් වටගල මහතාගේ අත්සන යොදා ඇති බවට හඟවන ලිපියක් මෙලෙස සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.

ඒ අනුව, මෙම ව්‍යාජ ලේඛනයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ජාතික ජනබලවේගය සැලසුම් කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version