පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

Published

on

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බවය.

මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපෙක්ෂකයින්ගේ නම් ලැයිස්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වල ප්‍රදර්ශනය කර ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version