ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 137ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 134ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 01කි.
ජූලි මස 31 වැනිදා සිට ඊයේ (07) දිනය දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.