පුවත්

මැතිවරණ පැමිණිලි 3041ක්

Published

on

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 3041ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ පැමිණිලිවලින් මේ වනවිට පැමිණිලි 2271ක් විසඳීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම තවත් පැමිණිලි 770ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය ජූලි මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

Trending

Exit mobile version