පුවත්

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙක් හදිසියේ මිය යයි

Published

on

ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කලේය.

ඔහු පවසා සිටියේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවය.

ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ සිටි පුද්ගලයෙක්ද මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් වන ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බවය.

Trending

Exit mobile version