පුවත්

මිදිගම රුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Published

on

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඔහු ලබන 25  වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට කිරීමට සැළසුම් කළ බවට මිදිගම රුවන් යන අයට චෝදනා එල්ල වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට දන්වා සිටියේය.

Trending

Exit mobile version