Connect with us

පුවත්

මීනගයා බිළිඳා දෙමව්පියන්ගේ භාරයට

Published

on

මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට අද 17 නියෝග කළේය.

මෙම සැකකාර තරුණ යුවළ ඇප ලබා දීමෙන් පසු අද දිනයේ දී ම විවාහ කර දීමට කටයුතු කරනු ලබන බවත්  ඉන්පසු දරුවා ව භාරයට ගෙන රැකබලා ගැනීමට සූදානම් බවත් සැකකරුවන්  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය  නිකුත් කළේය .

දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී එන් ඒ වාර්තා කැඳවීම සඳහා ලබන 21 දා උදේ 9 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

සැකකාර තරුණ යුවල එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

(ලංකාදීප)

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved