පුවත්

මෙරට මුහුදු සීමාව තුළ සිටි ඉන්දීය ධීවරයින් 3ක් අත්අඩංගුවට

Published

on

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රියේ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටින ඉන්දීය ධීවරයින් පළවා හැරීම සඳහා නාවික හමුදාව උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අදාළ යාත්‍රාව සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර අනතුරුව ඉදිරි විමර්ශන සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නියමිතය.

Trending

Exit mobile version