පුවත්

මෙරිල් ජේ. ප්‍රනාන්දු  අභාවප්‍රාප්ත වෙයි

Published

on

සිල‌ෝන් ටී (Ceylon Tea)  හෙවත් ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය “Dilmah Tea” නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (20) උදෑසන කොළඹ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1930 වසරේ මැයි මස 06 වැනිදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා 1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙසිිින් සිය වෘත්තීය දිවිය අරඹා පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.

1985 වසරේ දී “Dilmah” සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඒ මහතා පුරෝගාමී කාර්යයක් ඉටු කළේය.

ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර පසුකාලීනව එය ලෝප්‍රකට සන්නාමයක් බවට පත්වුණි.

මිය යන විට ඒ මහතා 93 වන වියේ පසුවුණි.

Trending

Exit mobile version