මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන් මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම ලබයි.
මේ යටතේ ශිෂ්‍ය වර්ග හා ඉගෙනුම ලබන ශ්‍රේණි අනුව රෙදි කට්ටල වර්ග 35ක් නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේය.
පසුගිය වසරේදී ද නොමිලේ ලබාදුන් පාලස් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජය විසින් නොමිලේ ලබාදුන්නේය.
සබැඳි පුවත්
චීනයෙන් මෙරට සිසු සිසුවියන් 12,000කට පාසැල් උපකරණ හා නිල ඇඳුම් රෙදි (ඡායා)
චීන පාසල් නිල ඇඳුම් පරිත්‍යාගයේ පළමු කොටස ජනවාරි 6දා ලංකාවට
චීනයෙන් ආ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ඇරඹේ
පාසල් නිල ඇඳුම් රෙදි 80%ක් බෙදා අවසන්; 70%ක් චීනය දුන් ප්‍රදානයක්