පුවත්

මෛත්‍රීගේ ඉල්ලීමට චීනයෙන් පොලොන්නරුවේ පාසල් දරුවන්ට නොමිලේ සපත්තු

Published

on

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන්ට පාසල් පාවහන් බෙදාදිමේ වැඩසටහනක් පොළොන්නරුව අධ්‍යාපනය කලාපයේ ඕනෑගම සිංහරාජපුර ප්‍රාථමික විද්‍යාලයේ සහ ලංකාපුර ගැමුණුපුර විද්‍යාලයේදී අද (16) පැවැත්විණි.

මේ සපත්තු බෙදාදීමේ වැඩසටන ක්‍රියාත්මක කිරීමට “ලක්දරු දිරිය පදනම” සහය ලබාදෙන අතර අද ක්‍රියාත්මක වූයේ එහි සමාරම්භක උත්සවයයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තනාපති චී ජන්හොං මහතා මහතා සහ එම මහත්මිය, චීන තනාපති කාර්යාලයේ නිළධාරි මහත්ම මහත්මීන්, පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන මහතා, පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා, විදුහල්පතිනියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, ජනතා නියෝජිතයින්, දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අද දින ආරම්භ කෙරුණු මෙම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනම ආවරණය වන පරිදි ක්‍රියාත්මත කිරිමට සැලසුම් කර තිබේ.

එහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය ලබා දුන් චීන ජනාධිපති ෂි ජින්පින් මහතාට සහ ශ්‍රී ලංකාවේ චීන තනාපති චී ජන්හොං මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ගෞරවණිය ස්තුතිය ද පළකර ඇත.

Trending

Exit mobile version