Connect with us

පුවත්

මෛත්‍රී CIDයේ ප්‍රකාශය දෙද්දි කොළඹ හතේ සතර කන් මන්ත්‍රණයක්

Published

on

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ ලබා ගනිද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් සමග අද (25) දහවල් විශේෂ රහසිග සාකච්ඡාවක නිරත වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ඒ කොළඹ හතේ පිහිටි අවන්හලකදී දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් එම පුවත්පත සඳහන් කරයි.

එම ස්ථානයෙන් පළමුව තානාපතිනියද, ඊට විනාඩි දහයකට පසු සජින් වාස් ගුණවර්ධන මහතා ද සිය බිරිද හා දරුවා සමග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් එහි දැක්වේ.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් එම ස්ථානයට පැමිණියත් සජින් වාස් ගුණවර්ධන පැමිණ සිටියේ නැත.

(මූලාශ්‍රය හා ඡායාරූපය : අරුණ)

පුවත්

රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් 14ක් මරුට

Published

on

By

රුසියා – යුක්‍රේන යුද්ධයේදී මියගිය මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව, 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, රුසියා – යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 134 ක් වාර්තා වී ඇති බවයි.

පසුගිය 9 වැනිදා සිට ඊයේ (11) රාත්‍රී 10 දක්වා කාලසීමාව තුළ එම පැමිණිලි වාර්තා වී තිබිණි.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.

එම ජාවාරම පිළිබඳ පැමිණිලි, 0112 441 146 යන දුරකතන අංකයට ලබාදිය හැකි බව,  ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

සබරගමුව පළාතේ ගුරු පුරප්පාඩු 4,600ක්

Published

on

By

සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4,600ක් පමණ පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා කියා සිටින්නේ එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට මේවන විට කටයුතු කරමින් සිටින බවයි

ඉදිරියේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් පාසල් 425ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව උසස් පෙළ ගුරුවරුන් 159ක් හා සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877ක් සඳහා මෙම පත්වීම් ලැබෙනු ඇතැයි පැවසේ.

(මුලාශ්‍රය – නිව්ස් ෆස්ට්)

Continue Reading

පුවත්

මන්ත්‍රීලාගේ ඩියුටි ෆ්‍රී වාහන ‍තොප්පිය යාපා, ජනපතිට පාස් කරයි!

Published

on

By

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා ‍ වේ.

පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී කථානායකවරයා මේ බව මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව ද පවසමිනි.

වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකසියදහසය දෙනෙක් අත්සන් කර කථානායකවරයාට ලිපියක් භාර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ද සාකච්ඡා කර තිබේ.

කෙසේ වුව ද එම කාරක සභාවට එක්ව සිට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කර ඇති බවද පැවසේ.

ඉහත සාකච්ඡාවට යළිත් එම යෝජනාව ඇතුළත් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව ය. 

එම සාකච්ඡාව එක්ව සිට ඇති ඇතැම් මන්ත්‍රිවරු වාහන බලපත්‍රයක අවශ්‍යතාව කථානායකවරයට දැඩිව අවධාරණය කර තිබේ.

සබැඳි පුවත්
මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නතර වෙයිද?

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved