පුවත්

යාපනය සරසවියේ අඩු ආදායම්ලාභී සිසුසිසුවියන්ට මූල්‍ය සවියක්

Published

on

යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නව මූල්‍ය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවති මෙම අවස්ථාවට යාපනය සරසවියේ උප කුලපති – මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා, පීඨාධිපතිවරු සහ ප්‍රතිලාභ හිමිවන සිසු සිසුවියන් සහභාගී විය.

මෙහිදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් රු. මිලියන 03ක ප්‍රදානයක් සිදුකරනු ලැබීය.

එසේම, Knowledge India සංචාරක වැඩසටහන යටතේ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ලිපි ද විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනෙකුට මහකොමසාරිස්වරයා විසින් මෙහිදී ප්‍රදානය කෙරුණි. මෙම වැඩසටහන ඉන්දියානු සංස්කෘතික සබඳතා සඳහාවු කවුන්සිලය විසින් සංවිධානය කරන්නකි.

(ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ X ගිණුමෙනි)

Trending

Exit mobile version