සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.
ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.
හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.
එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.