පුවත්

යුද හමුදා සෙබළුන්ට බස් කප්පාදුවක්!

Published

on

මෙතෙක් ලබා දුන් බස් සේවාව කප්පාදු කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි එම ප්‍රවාහන සේවය ලබාගත් නිලධාරීහු හා සෙබළු පවසති.

කොළඹ සිට දුර පළාත්වල ප්‍රධාන නගර වෙත මෙම සහන සේවා බස් රථ ගමන් කළේ යුද්ධය පැවැති කාලයේ සිට යැයිද යුද හමුදාවේ ඉන්ධන ඉතිරි කර ගැනීමට මේජර් ජෙනරාල්වරයෙකු ගත් තීරණයක් මත මෙම කප්පාදුව සිදුව ඇතැයි ද ඔවුහු පවසති.

මෙම බස් සේවාව සතියේ දින පහේ අලව්ව, මීරිගම, ගණේමුල්ල, ගාල්ල, මාතර කුරුණෑගල, තෙල්දෙණිය, මහනුවර, කඳුරුවෙල, මැදවච්චිය හා නාත්තන්ඩිය නගර දක්වා ලබා දී ඇතැයි කියයි.

තව ද සති අන්තයේදී මෙම සහන සේවා බස් රථ බදුල්ල, මහියංගණය, මොනරාගල හා හලාවත නගර දක්වා ගමන් ගනී.

මෙම තීන්දුව අනුව අදාළ නගර දක්වා ප්‍රවාහන සේවා ලබා දීම වෙනුවට ළඟම දුම්රිය ස්ථානය වෙත ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙමගින් තමන්ට අමතර දුම්රිය ගාස්තුවක් වැය කිරීමට සිදුවන්නේ යැයි ද මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එම නිලධාරීහු හා සෙබළු වැඩිදුරට ත් පවසති.

මූලාශ්‍රය – මව්බිම

Trending

Exit mobile version