පුවත්

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

Published

on

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අත්‍යවශ්‍ය වන බවයි සඳහන් වේ .

ඒ සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ලබාදීමෙන් ප්‍රමාණවත් සහ අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සිදුවන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, රජයේ මුද්‍රණාලය , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව , මැතිවරණ කොමිෂන් සභාව , අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන ,  විශ්වවිද්‍යාල , රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තතු වලින් බැහැර කෙරෙන කඩදාසි තොග මේ සඳහා ලබා ගැනීමට නියමිතය.

ඒ අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීම කඩදාසි සමාගම මගින් සිදුකිරීමේ පදනම මතය.

එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධ ආයතනවල ඉවතලන කඩදාසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සමාගම වෙත සහනදායී මිලකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි විය.

Trending

Exit mobile version