පුවත්

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හදන්න කැබිනට් අනුමැතිය

Published

on

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version