රජය ලසන්තගේ බිරිඳට නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත තනතුරක් දෙන්න යයි ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇතැයි “ද සන්ඩේ ටයිම්ස්” වාර්තා කර තිබේ.
කෙසේවුවද, ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිළි තොරතුරක් වාර්තා වී නොමැත.
මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ පළමු බිරිඳ වන මාධ්‍යවේදී රේන් වික්‍රමතුංග මහත්මිය සහ ඇයට දාව උපන් ලසන්ත වික්‍රමතුංග ගේ දරුවන් තිදෙනා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් ඉල්ලා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.
වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් මේවනවිට මහත් අන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත.