මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ (09) රාත්‍රියේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය.
ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙනි.
ඖෂධ අර්බුදය හා ඉන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බව, වසන්ත යාපා බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.