පුවත්

රට යවන තේවලිනුත් රුපියල් 3ක් රජයට ගන්න තීන්දු කරලා!

Published

on

තේ කිලෝග්‍රෑමයක් අපනයනය කිරීම සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.

ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි.

2023 තේ අපනයන බදු සහ පාලන නියෝග ලෙස මෙම බලපත්‍ර ගාස්තුව පනවා ඇති අතර සෑම ලියාපදිංචි තේ අපනයනකරුවෙකු විසින්ම අදාළ ගාස්තු ගෙවීම සිදුකළ යුතු වේ.

අපනයන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් මෙම බලපත්‍ර ගාස්තුව යළි ලබාගැනීමේ අවස්ථාව ද  අපනයනකරුවන්ට හිමි වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

තවද තේ අපනයනයේ දී අය කරනු ලබන මෙම බලපත්‍ර ගාස්තුව තේ මණ්ඩල පනත යටතේ පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදල වෙත බැර කිරීම සිදුකළ යුතුය.

Trending

Exit mobile version