පුවත්

රනිල්ට සහය ගන්න සාකච්ඡාවක්

Published

on

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබේ .

ඒ සඳහා ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තිබෙන බව සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන ලෙසට ඔවුන් දෙදෙනා විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් දැඩිව ඉල්ලිමක් සිදු කර තිබේ.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා සදුදා (29) දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවට පැවසු බවට වාර්තා වේ.

Trending

Exit mobile version