සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනාවකට සහභාගි වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.
නවදිල්ලි නුවර, හරත මණ්ඩපයේදී හෙට හිටපු ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර, ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාෆර් සහ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද එක්වේ.
මේ අතර, මෙරට මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබා ගැනීමට අවශ්‍ය නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති තරුණ හමුවකට එක්වෙමිනි.