ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් දීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමය ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල භාරදීමෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මහතා,
“වත්මන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති අවස්ථාවක සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නව සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් දීමට කටයුතු කරගෙන යන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නෙත් ඔහු.ඊට අමතරව ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු නව බලපත්‍ර 6ක් පමණ පෙර දිනයන් දමා නිකුත් කරලා තියෙනවා.”