පුවත්

රේගුව අල්ලා ගත් හොරබඩු කන්ටේනරය ගෙනාවේ චැතැම්වීදියේ සමාගමක්!

Published

on

රුපියල් කෝටි 35 කට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධිව මෙරටට ගෙන එන ලද, කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03 ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

සැකසහිත බහලුමක් විවෘත කර පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් අද (06) මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.

වාහන අමතර කොටස් ලෙස බහාලුම මෙරටට රැගෙනවිත් ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සිට බව, රේගුව ප්‍රකාශ කළේ ය.

අදාළ  බහාලුමේ තිබී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන් ,රූපලාවන්‍ය ද්‍රව්‍ය , විදේශීය මත්පැන්, ඔලිව් ඔයිල් හා විදේශීය දුම්වැටි තොගයක් ද, සොයා ගෙන ඇත.

බහාලුම මෙරටට ගෙන්වා තිබුණේ, කොළඹ කොටුවේ චැතැම් විදියේ පිහිටි ආයතනයක නමටයි.

මෙමගින් රජයට අහිමීවීමට ගිය මුළු භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 22 ක් පමණ වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Trending

Exit mobile version