Connect with us

පුවත්

රොෂාන් මහානාම ඉන්දිරා පිළිකා භාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Published

on

රොෂාන් මහානාම භාරය (RMT) ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාවය විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කර ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීම 2024 මැයි 28 දින කොළඹ දී සිදුවිය.

ළමා පිළිකා ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපයීම මඟින් ඉන්දිරා පිළිකා භාරය හා ශ්‍රී ලංකාවේ ළමා රෝග සහන සත්කාර මධ්‍යස්ථානය වන “සුව අරණ – සුවය සදන ස්ථානය” සඳහා ඔවුන්ගේ සහයෝගීත්වය වැඩිදියුණු කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී තිබේ.

මෙම අවස්ථාවට එක්වූ රොෂාන් මහානාම භාරයේ සභාපති රොෂාන් මහානාම මහතා,

” ICT ආරම්භයේ සිටම එහි භාරකරුවෙක් ලෙස කටයුතු කර ඇති අතර මගේ භාරය හරහා අඛණ්ඩව සහයෝගය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මේ අවබෝධතා ගිවිසුම අපේ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ළමා පිළිකා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සපයන සහයෝගය හේතුවෙන් දරුවන් ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් ඔවුන් සපයන විශිෂ්ට සේවය පිළිබඳ අපි ICT ඉන්දිරා භාරය වෙත කෘතඥ වෙනවා”

මෙහිදී ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය RMT වෙතින් ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළාය.

“රොෂාන් මහානාම භාරය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්. ඔවුන් ඉන්දිරා පිළිකා භාරය හා සුව අරණ වෙත ලබාදෙන සහයෝගය පිළිබඳ අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.”

ICT සහ RMT යන ආයතනදෙකම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායතන වන අතර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ළමා ආරක්ෂාව වැනි තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි මෙම ආයතන සිය අවධානය යොමු කරයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved