පුවත්

රෝහිත වෙනුවට වෙනත්අයකු විත්තිකූඩුවට නැගලා උසාවියම හිනස්සයි!

Published

on

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විත්ති කූඩුවට වෙනත් පුද්ගලයකු නැගීමේ සිද්ධියක් වාර්තා වේ.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් තිලිණි ගමගේ මහත්මිය විසින් විදේශ ගමන් තහනමක් මීට ඉහතදී පනවා තිබුණි.

අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම සඳහන් කළ අතර එහිදී විත්තිකූඩුව වෙත ටී ෂර්ට් එකකින් සැරසුණු මැදිවියේ පුද්ගලයකු ගොඩවිය.

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ඩුබායි සහ මැලේසියාවට යෑමට අවශ්‍ය වී ඇති බැවින් විදෙස් ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී අධිකරණ භාෂා පරිවර්තිකාව උස් හඬින් රෝහිත අබේගුණවර්ධන යනුවෙන් පැවැසූ අතර එහිදී අධිකරණයේ සිටි බොහෝ දෙනකුගේ ඇස් යොමුවූයේ විත්ති කූඩුව දෙසටය.

එවිට විත්ති කූඩුවේ සිටියේ හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා නොව අදාළ මැදිවියේ පුද්ගලයාය.

එය දැක අධිකරණ ශාලාවේ සිටි බොහෝ දෙනෙක් සිනාසුනු බව අරුණ අධිකරණ වාර්තාකරුද සිය පුවතෙන් තහවුරු කර තිබේ.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයා විත්ති කූඩුවෙන් ඉවත් කිරීමට ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.

Trending

Exit mobile version