Videos

ලංකාවටත් එන පුහුණු නැව චීනයෙන් පිටත්වෙයි (වීඩියෝ)

Published

on

ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් ‘පෝ ලං’ නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ.

ඊසාන දිග චීනයේ ලියාඕනිංග් පළාතේ ඩාලියැන් ප්‍රදේශයෙන් මෙම නෞකාව ගමන් ආරම්භ කර තිබේ.

මිඩ්ෂිප්මන්වරුන් හට මෙන්ම චීන විමුක්ති හමුදාව යටතේ පවතින ඩාලියැන් නාවික ඇකඩමියේ නිලධාරීන් හටද මෙම නෞකාවේ පුහුණුව ලබාදේ.

මේ මාසයේ මැද සිට නොවැම්බර් අග දක්වා මෙම පුහුණු නෞකාව,  ශ්‍රී ලංකාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත අතර, හොංකොං හි තාක්ෂණික නැවතුමක් සිදුකිරීමටද නියමිතය.

දිගින් මීටර් 85ක් හා පළලින් මීටර 11ක් වන ‘පෝ ලං’ නෞකාවට නොට් 18ක උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර, එක්වර කැඩට් නිලධාරීන් 50ක් පුහුණු කිරීමට පහසුකම් සැලසිය හැකි වේ.

මේ පිළිබඳ ව අදහස් දැක්වූ ‘පෝ ලං’ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන මා වෙන්යොං මහතා පවසා ඇත්තේ, නාවික කැඩට් නිලධාරීන් තුළ වෘත්තිමය හැකියාවන් වර්ධනය කිරීමත්, වෙනත් රටවල් වල නාවික හමුදා සමග සහයෝගීතාව හා හුවමාරුවන් වර්ධනය කිරීමත් මෙන්ම පොදු අනාගතයක් සහිත සමුද්‍රීය ප්‍රජාවක් ගොඩනැගීමට දායක වීමද මෙම මෙහෙයුමේ අභිප්‍රායන් බවයි.”

(මූලාශ්‍රය : CCTV +)

සබැඳි පුවත් :

Trending

Exit mobile version