හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.
චෙන්නායි හි රජීව් ගාන්ධි නමට නම් කළ රජයේ රෝහලකදීම ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ශාන්තන් මිය යන විට ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බවද පැවසේ.
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුව සමාව හිමිව තිබිණි.
සිය මව බැලීම සඳහා ශාන්තන් තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිතව සිටි බවද මේ අතර වාර්තා වේ.
නමුත් හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කරීමෙන් පසුව මියගොස් ඇත.