ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී 4.4%කින් පමණ අඩුවී ඇති බව මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා සුළු වශයෙන් අඩුවී ඇත.
මෙහිදී චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත්ව වේ.