පුවත්

ලංකාවේ මිලියනයකට පමණ මන්දපෝෂණය

Published

on

ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි සිදු කළ සමීක්ෂණයකට අනුව අවුරුදු 05ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්‍ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව දිවයින පුරා මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින් ගණන 971,888ක් වන අතර එහි අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 300,746ක් ද කාන්තාවන් 671,142ක් ද ඇතුළත් බව සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඒ අනුව වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත වන්නේ බස්නාහිර පළාත වන අතර එහි අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 85,847ක් ද කාන්තාවන් 196,197ක් ද සිටින බව වාර්තා වේ.

එමෙන්ම මධ්‍යම පළාතේ අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 30,393ක්ද, කාන්තාවන් 126,976ක්ද , දකුණු පළාතේ අවුරුදු 05ට අඩු ළමයින් 37,032ක් සහ කාන්තාවන් 79,254ක් ද එම තත්ත්වයට ගොදුරු වී ඇත.

තවද අමාත්‍යවරයා දක්වා සිටියේ වයඹ පළාතේ ළමයින් 47,765ක් සහ කාන්තාවන් 68,763ක් ද උතුරු මැද පළාතේ ළමයින් 19,067ක් සහ කාන්තාවන් 38,869ක් ද වන බවයි.

මීට අමතරව ඌව පළාත තුළ අවුරුදු 05 අඩු ළමයින් 18,278ක් සහ කාන්තාවන් 46,175 සිටින අතර සබරගමුව පළාතේ ළමයින් 17,180ක් සහ කාන්තාවන් 54,394ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර තිබේ.  

Trending

Exit mobile version