Connect with us

පුවත්

ලංකාවේ 500ක් රුසියානු හමුදාවේ; වැඩි පිරිසක් “බිලි බෝයිස්ලා” කරලා

Published

on

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් වන විශ්‍රාමික මේජර්වරයකු සහ ඒජන්සිකරුව‍කු වාරියපොළදී සහ දිගනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (17) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවාසවලදීය.

මෙම දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනකු මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මේජර්වරයා විජේබණ්ඩාර නමැති අයකු බවත් ඒජන්සිකරු බන්දුල නමැති අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ජාවාරම මෙහෙයවීමට මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයේ ඒජන්සියක් පවත්වාගෙන ගිය චතුරංග නමැති අයකු රුසියාවට පලා ගොස් එහි සැඟවී සිටින බවත් මෙම ජාවාරම මෙහෙයවන්නන් අතර ඔහු ද ඉහළින්ම සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත. 

ඔහු මෙරට රැඳී සිටියදී ඔහුගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බව තතුදත් තොරතුරු අනාවරණය කළේය. 

මෙම පුද්ගලයා රුසියාවට පලා ගොස් ඇත්තේ යුරෝපයේ රැකියා සඳහා රැකියා වීසා සමඟ යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදලක් ද වංචා කර බව ද අනාවරණය වේ.

රුසියානු හමුදාවේ කඳවුරු පිරිසුදු කිරීම සහ බංකර් අලුත්වැඩියා සඳහා යැයි සඳහන් කරමින් විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබේ. 

එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින යුද හමුදා විශේෂ බළකා සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින කෝප්‍රල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර ඇත. මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් සාක්ෂි සහිතව හෙළි කළ තොරතුරුවලට අනුවය.

රුසියානු කුලී හමුදාවට එක්කරගෙන ඉදිරි ආරක්ෂක වළල්ලේ යුදමය කටයුතු සඳහා යොදවා සිටින මෙරට හමුදාවල සේවය කර විශ්‍රාම ගිය අය අතර වැඩි වශයෙන් ඇතැයි පැවසෙන්නේ යුද හමුදාවේ කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සාමාජිකයන් බව ද අනාවරණය වේ. 

පිරිසුදු කිරීමේ සේවා කටයුතු සඳහා යැයි රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමට දමන්නේ බලහත්කාරයෙන් බවත් පලා යන අයට වෙඩි තබන බවත් හසුවන අයව සිරගත කරන බවත් පලාවිත් සිටින විශ්‍රාමික කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර තිබේ.

මෙම විශ්‍රාමික කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර ඇත්තේ වාරියපොළ පදිංචිව සිටින විශ්‍රාමික මේජර් මඟින් තමන් රුසියානු හමුදාවේ පිරිසුදු කිරීමේ රැකියාවට එක්වීමට කටයුතු කළ බවය. 

දිගන පදිංචි බන්දුල නමැති අය විසින් මෙම රුසියානු ගමන සංවිධාන කළ බවත් ඔහුගේ ප්‍රධානියා ලෙස මහනුවර රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය චතුරංග නමැත්තා කටයුතු කර ඇති බවත් ඔහු පවස තිබේ.

මෙම විශ්‍රාමික කෝප්‍රල්වරයා සමඟ 37 දෙනකුගේ කණ්ඩායමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා රුසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය පෙබරවාරි 16 වැනිදාය. 

ඒ සියලු දෙනාම හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අය බව ද මේ වන විට කෙරී ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ. 

මෙසේ විටෙන් විට රුසියාවට 500කට වැඩි පිරිසක් රැගෙන ගොස් ඇති බව ද මේ වන විට හෙළි වී ඇත. 

මෙම තොරතුරු හෙළි කරන කෝප්‍රල්වරයා පසුගිය 01 වැනිදා මෙරටට පැමිණ ඇත්තේ රතු කුරුස සංවිධානයේ සහ රුසියාවේ මෙරට තානාපති කාර්යාලයේ සහාය ඇතිවය. 

ඔහු සමඟ පලාගිය දෙදෙනකු රුසියානු හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් මේ වන විට හමුදා කඳවුරක සිරගත කර ඇති බවට තොරතුරු ද අනාවරණය වී තිබේ.

පසුගිය 08 වැනිදා රුසියානු හමුදාව යුක්රේනයට අයත් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ඩ්‍රොන් ප්‍රහාරයකින් මෙරට දෙදෙනකු මියගොස් තිබිණි. 

ඊට පෙරද මෙරට දෙදෙනකු රුසියාවේදී මියගොස් තිබුණේ යුක්රේන් ප්‍රහාරයකිනි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved