පුවත්

ලංකා බැංකු කෙසෙල්වත්ත ශාඛාවේ කෝටි දහයේ වංචාවට තවත් 3ක් අත්අඩංගුවට

Published

on

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නිලධාරිනියන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් අතර මාණ්ඩලික සහකාර නිලධාරිනියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙකු සිටින බව පැවසේ.

අඩු අගයක් සහිත රන් භාණ්ඩ බැංකුවට උකස් කර සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනුණේ ඔවුන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100 ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේ දී ය.

මාණ්ඩලික සහකාර නිලධාරිනිය ලෙස සේවය කළ 36 හැවිරිදි සැකකාරිය පානදුර බෙත්තේගම පුන්සරාවත්ත පාර නිවසේ දී ද, 37 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියක් වාද්දුවේ තල්පිටිය දකුණ, දළදාවත්ත පාර නිවසේදීද අත්අඩංගුවට ගෙන ඇත. 

36 හැවිරිදි අනෙක් නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර විහාර පාරේ පිහිටි නිවසේදීය.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) විසින් මෙහි පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Trending

Exit mobile version