Connect with us

පුවත්

ලයිකා, සුභාෂ්කරන්, මොහ‍ොමඩ්, ජයසීලන් හා නිරුතන්ට විරුද්ධව CIDයට පැමිණිල්ලක්

Published

on

කූට ලේඛන සකස් කර තමාට අයිති MGM නෙට්වර්ක් සමාගමේ හිමිකාරිත්වය ලබාගනිමින් ලයිකා මොබයිල් හා අනුබද්ධිත බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසින් ඉදිරියේදී ලංකාවටම විශාල තර්ජනයක් ඇති විය හැකි ක්‍රියාවක් සිදු කර ඇතැයි කියමින් MGM නෙට්වර්ක් සමාගමේ හිමිකරු ජනක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය බදාදා (03) පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාමනායක මහතා, තමාට අයිති UHF-30 කොළඹ සහ UHF-56 හන්තාන යන සංඛ්‍යාත භාවිතා කරමින් අලුත් නාලිකාවක් අරඹා ඇති බවත් වසර හතක් පුරාවටම තමන් මේ සම්බන්ධයෙන් සටන් කරන අතර ආරක්ෂක අමාත්‍යාංශය හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් කියා සිටියේය.

තමා හෝ තම පවුල‍ේ කිසිවකු Max Television හෝ Max Radio ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් අතට පත් කිරීමට කිසිම ලෙසකින් කටයුතු නොකරන බවත්,  මොහොමඩ් අක්‍රම් නැමැත්තා තම මස්සිනා වන රුවන් එදිරිසිංහත් සිය පියාව ජී.ටී. ජයසිලන් හා නිරුතන් රාජසුන්දරම් නැමැති පුද්ගලයන් විසින් ද රවටා මේ ගනුදෙනු සිදුකර ඇතැයි ජනක රාමනායක මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා ඇති බව පැවසේ.

මෙය වංචා සහගත කටයුත්තක් බවත්, වසර තුන හතරක් යනතෙක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජී.ටී. ජයසිලන්ට හා නිරුතන් රාජසුන්දරම් යන අයට නිෂ්කාශ බලප්‍රත්‍රත් දී නොතිබූ බවත් ඔහු හෙළිකර තිබේ.

දේශීය හා විදේශීය ව්‍යාපාර කටයුතු වල නිරත වන ජනක රාමනායක මහතා දේශීය නිෂ්පාදන විදේශීය වෙළඳපොළ තුළට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට වෙහෙසන අයකු ලෙස ප්‍රකට දේශීය ව්‍යාපාරිකයෙකි. 

ඔහු විසින් 2007 වසරේ මුල් භාගයේදී ආරම්භ කර ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් හට නැවුම් අත්දැකීම් දායාද කළ මැක්ස් tv හා මැක්ස් Radio හි කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද ඔහු කියා සිටියේය.

ලයිකා මොබයිල් හි හිමිකාරිත්වය දරනු ලබන්නේ සුභාෂ්කරන් අලිරාජා මහතා විසිනි.

https://www.facebook.com/watch/?v=402863932460564

සබැඳි පුවත් :
ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි! 

“රා” කියාගෙන සුභාෂ්කරන්ගේ මොණරා එයි 

ETI දේපල විකුණා ඇත්තේ නීතියට පිටින්: ස්වර්ණවාහිනී ඩීල් එකත් ප්‍රශ්නගතයි 

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved