ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ඉල්ලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබේ.
ඒ සිය පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමානුෂික ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි.
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකියැයි පවසමින් නීතිපතිවරයා විසින් ජනවාරි 27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටත් යවා තිබූ ලිපිය උපුටමින් අහිම්සා වික්‍රමතුංග, එය හිතාමතාම යුක්තිය හෑල්ලුවට ලක් කරන පියවරක් බවට චෝදනා කරයි.
එමෙන්ම මෙය “අහිංසක වැරැද්දක්” නොව නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඇති “අවිනිශ්චිතභාවයේ සහ උදාසීනත්වයේ” සංස්කෘතියක පිළිබිඹුවක් බව එම ලිපිය මගින් ඇය තර්ක කරයි.
එම ලිපිය පහතින් ,