Connect with us

පුවත්

වයස 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියා තහනම යළි ගේන්න – ගීතා

Published

on

විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ පවසයි.

ඒ අනුව, ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කරන්නට කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවා ය.

ළමා අයිතිවාසිකම් හා සුරක්ෂාව සම්බන්ධයෙන් ළමා හිමිකම් සංවිධාන හා විද්වතුන් දැක්වූ අදහස් හා යෝජනා සලකා බලා මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් ඇය සඳහන් කළා ය.

ගෘහ සේවය සඳහා විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 2 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යවශ්‍යව පැවැති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත් පසුගිය ජුනි මස 27 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබිණි.

එසේ ම, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 5 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවත් ඇමතිනිය සඳහන් කළා ය.

ඒ අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන්ට ගෘහ සේවය සඳහා විදේශගත වීමට අවස්ථාව දීම පිළිබඳවත්, එසේ විදෙස්ගත වන මවුවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ යුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීම පිළිබඳ තීරණය නැවත සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවසුවා ය.

(මව්බිම)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved